Life
අකලට හිසකෙස් ගැලවීයෑම වළක්වන අලුත්ම ප්‍රතිකාරය
හිසකෙස් ගසක් වර්ධනය වන අවස්ථාව (catagen phase) , වර්ධනය නැවැතී සිටින අවස්ථාව (catagen phase) සහ ගැලවී යන අවස්ථාව(telogen phase) යන ආකාර තුනෙන් පැවැතිය හැකියි. සාමාන්‍ය පුද්ගලයකුගේ කෙස්වලින් 90%ක ප්‍රමාණයක් වර්ධනය වන අවස්ථාවේ පවතින අතර 10%ක් ගැලවී යන අවස්ථාවේ පවතී. මේ නිසා සාමාන්‍ය කාන්තාවකගේ කෙස් ගසක ආයු ප්‍රමාණය අවු. 4 - 7 වන අතර පුරුෂයකුගේ මෙම කාලය අවුරුදු 3ක් පමණ වෙයි. සාමාන්‍ය මිනිසකුගේ කෙස් අවුරුද්දකට අඟල් 6ක් පමණ වැඩේ. දිනකට කෙස් ගස් 50 - 100ක් අතර ප්‍රමාණයක් ගැලවී යෑම සාමාන්‍ය තත්ත්වයකි.
inShare
Mawbima, 2015-11-23 02:00:00
Read 39 Times
හිසකෙස් ගසක් වර්ධනය වන අවස්ථාව (catagen phase) , වර්ධනය නැවැතී සිටින අවස්ථාව (catagen phase) සහ ගැලවී යන අවස්ථාව(telogen phase) යන ආකාර තුනෙන් පැවැතිය හැකියි. සාමාන්‍ය පුද්ගලයකුගේ කෙස්වලින් 90%ක ප්‍රමාණයක් වර්ධනය වන අවස්ථාවේ පවතින අතර 10%ක් ගැලවී යන අවස්ථාවේ පවතී. මේ නිසා සාමාන්‍ය කාන්තාවකගේ කෙස් ගසක ආයු ප්‍රමාණය අවු. 4 - 7 වන අතර පුරුෂයකුගේ මෙම කාලය අවුරුදු 3ක් පමණ වෙයි. සාමාන්‍ය මිනිසකුගේ කෙස් අවුරුද්දකට අඟල් 6ක් පමණ වැඩේ. දිනකට කෙස් ගස් 50 - 100ක් අතර ප්‍රමාණයක් ගැලවී යෑම සාමාන්‍ය තත්ත්වයකි.
කෙස් ගැලවී යන ක්‍රම
කාන්තාවන්ගේ හිසකෙස් ගැලවී යෑම ආකාර කිහිපයකට සිදුවෙයි. හිසකෙස් පීරන විට, නිදා සිටින විට කොට්ටය මත රැඳීම හා ස්නානය කරන විටද කෙස් ගැලවී යෑම නිතරම සිදුවන්නක්. මෙලෙස කෙස් අධිකව ගැලවී ගොස් තට්ටය පෙනෙන තත්ත්වයට පත්වීම බොහෝ අය මුහුණදෙන ගැටලුවකි. කාන්තාවන්ගේ හිසකෙස් අඩු වීමට බලපාන හේතු රාශියකි.
දරු ප්‍රසූතියෙන් පසුව
දරුවකු ප්‍රසූත කළ පසුව මාස 3ක් ඉක්ම ගිය විට කාන්තාවන්ගේ හිසකෙස් අධිකව හැලීම සාමාන්‍ය තත්ත්වයකි. එය කාලයත් සමඟ නැවැත යථා තත්ත්වයට පත් වෙයි.
නීරක්තිය
රුධිරයේ අඩංගු යකඩ උෟනතාවද හිසකෙස් තුනී වීමට හා කොණ්ඩය අඩු වීමට බලපෑ හැකි තවත් හේතුවකි. රුධිර පරීක්ෂාවක් සිදු කර ගැනීමෙන් ඔබට මේ බව තහවුරු කර ගැනීමේ හැකියාව ඇත.
හෝමෝන වෙනස්කම්
Polycystic syndrome රෝගයෙන් හිසකෙස් හැලීම, ශරීරයේ අධික රෝම වර්ධනය, කුරුලෑ ඇති වීම, තරබාරුකම, අක්‍රමවත් මාසික ආර්තවය වැනි ලක්ෂණ මතු විය හැකියි. තරුණ ගැහැනු ළමයින් හා මැදිවියේ කාන්තාවන්ද මෙම තත්ත්වයට ගොදුරු වීමට පුළුවන. හිස් මුදුනේ කෙස් අඩු වීම, වැඩි වශයෙන්ම දැකිය හැකි ලක්ෂණයයි. තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික හෝ මඳ ක්‍රියාකාරිත්ව නිසා කෙස් ගැලවී යා හැකිය.
හිසකෙස් විලාසිතා
ඇතැම් කොණ්ඩා මෝස්තර නිසා හිසකෙස් තදින් ගෙතීමෙන්ද, හිසකෙස්වලට රසායන ද්‍රව්‍ය යෙදීමෙන්ද කොණ්ඩය අයන් කිරීමෙන්ද, උණුසුම සහිත හිසකෙස් වියළන උපකරණ මඟින්ද කෙස් ගස් කැඩීමට ලක්විය හැකියි.
වෙනත් රෝගී තත්ත්ව
ඇතැම් රෝගී තත්ත්ව හා ඔෟෂධ මඟින්ද හිසකෙස් හැලීම සිදුවෙයි.
ශල්‍යකර්මයකින් මාස තුනක් ගිය පසු අධිකව හිසකෙස් අඩු වීම හෝ තදබල අසනීප තත්ත්ව හේතුවෙන්ද කෙස් ගස් ගැලවී යයි.
පිරිමින්ගේ කොණ්ඩය යෑම
කාන්තාවන්ගේ මෙන්ම පිරිමින්ගේද හිසකෙස් ගැලවී යෑම සුලබව දක්නට ලැබෙන්නකි. ප්‍රධාන වශයෙන්ම නළල දෙපැත්තේ සහ හිසේ මැද්දෙන් කොණ්ඩය අඩු වීම දැකිය හැකිය.
මෙම තත්ත්වය මැදිවියේ සහ අවුරුදු 20 - 30 ත් අතර පසුවන පිරිමින් අතර දැකීමට පුළුවන. මෙලෙස කොණ්ඩය අඩු වී තට්ටය පෑදීමට අවුරුදු 15ක් - 20ක් පමණ ගත වුවත් ඇතැමුන්ට මෙම තත්ත්වය ඉක්මනින් ඇති වෙයි. බොහෝ විට මෙම තත්ත්වය ඇතිවන්නේ හෝමෝන හේතුවෙනි. හිසකෙස් හෝමෝනවලට අධි සංවේදිතාව දැක්වීම මීට හේතුවයි. අවුරුදු 20ක් පමණ වන විට මෙය මානසිකවද පීඩාකාරී තත්ත්වයක් විය හැකියි.
ප්‍රතිකාර
මේ සඳහා ප්‍රතිකාර ක්‍රම කිහිපයක්ම ඇත. ආලේප කරන දියර හා මුඛය මඟින් ගන්නා ඔෟෂධ මින් ප්‍රධාන වෙයි. මාස 3 - 4 පමණ මෙම ප්‍රතිකාර කිරීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකිය.
නවතම ප්‍රතිකාරය
රුධිර පට්ටිකා සරු ප්ලාස්මා ප්‍රතිකාරය (ර්ථීඅර්ථී - ර්ථීතචබඥතඥබ අඪජඩ ර්ථීතචඵථච බපඥචබථඥදබ) යනු නවතම ප්‍රතිකාර ක්රමයකි. හිසකෙස් වර්ධනයට පමණක් නොව විවිධ රෝග ගණනාවකටම මෙම ප්‍රතිකාරය කරන අවස්ථා ඇත.
මෙහිදී රෝගියාගේ රුධිර සාන්ද්‍රණ කර එහි වර්ධක සාධක සහිත රුධිර ප්ලාස්ම භාවිත කර,
Wmqgd .ekSu u